විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ පළමු නඩු පැවරීම ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නඩු පැවරීමට පෙර ඒ සදහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය අවශ්‍ය වනවා. මේ වන විටත් නඩු ගොනු කිහිපයක් අගවිනිසුරුවරයා වෙත යවා ඇති බවයි නිතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ. අනුමැතිය ලැබුණු වහාම නඩු පැවරිමට කටයුතු කරන බවත් නිතිපති දෙපාර්තමේන්තුව සදහන් කළා.