ඉන්දියාවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් හතර දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. ට්රක් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණේ. ආගමික උත්සවයකට ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. මිය ගිය අය අතර කුඩා දරුවන් තුන් දෙනෙක් සිටින බවයි ඉන්දිය වාර්තා ප්රකාශ කළේ.