වලසුන් තුන් දෙනෙකුගේ පහර කෑමට ලක්ව, පසුව ගිනි අවියකින් වෙඩි තබා ගෙන මිය ගියේ යැයි සැක කෙරෙන ග්රාමාරක්ෂක භටයාගේ මරණය ඝාතනයක් බවට හෙලි වී තිබෙනවා. ඒ අම්පාර මහා රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයෙන්. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කරාඩුගල පොලිසියට අනුයුක්තව සේවය කළ මුල්ලේගම පදිංචි තිස්අට හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්. ඉගිනියාගල මුල්ලේගමදී පසුගිය අටවනදා වලසුන් තුන් දෙනෙකුගේ පහර කෑමට ලක්ව ඔහු ගිනි අවියකින් වෙඩි තබා ගෙන සියදිවි හානි කරගත් බවටයි මුලින් වාර්තා වුණේ. කෙසේ වෙතත් වෙඩි ප්රහාර දෙකක් එල්ලව ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලිව තිබෙනවා.