Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්ධ පියානෝවාදකයා පැමිණෙයි…

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 14:52

අන්ධ පියානෝවාදකයා පැමිණෙයි…

Andhadhun සිනමාපටය සිත භීතියෙන් අලළන කතා පුවතක් රැගත් ආකර්ෂණීය කතා පුවතක්. ආකාශ් (ආයුෂ්මාන් කුරානා) අන්ධ පියානෝවාදකයෙක්. ඔහුට සිය පෙම්වතිය (රාධිකා ආප්තේ) මුණගැසෙන්නේ ඇයගේ යතුරු පැදියේ ගැටීම නිසායි. ඇය බීමහල් හිමිකරුවකුගේ දියණිය වන අතර ඔහු ආකාශ්ට පියානෝවාදකයකු ලෙස රැකියාව ලබාදෙයි.

ආකාෂ් කඩිනමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වෙයි. ඔහුගේ සුවිශේෂී හැකියාව පැරැණි තරුවක වූ ප්‍රමෝද් සිංහගේ (අනිල් ධවාන්) සිත් දිනා ගන්නා අතර ඒ සිත් ගැනීම ආකාශ්ගේ ජීවිතයට නොසිතූ විරූ ලෙස බලපායි. සිනමාපටය පුරාම විවිධ හැළහැප්පීම් සහ ත්‍රාසය භීතිය තුතූහලය එක් වූ ලෙසින් චිත්‍රපටය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

නුදුරේදීම ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන ශ්‍රී රාම් රාගවන්ගේ සිනමා නිර්මාණයක් වන andhadhun ප්‍රේක්ෂකයන්ගේ නොමද රසාස්වාදයක් වනු ඇති.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 14:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්