fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“ හම්බු පන් ”ඉවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 12:18

“ හම්බු පන් ”ඉවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්

පහතරට ප්‍රදේශවල වැව් සහ වාරි මාර්ග ඇළ ආශ්‍රිත ප්‍රදේශ ගිළගෙන ඇති “ හම්බු පන්”ඉවත් කිරීම සඳහා වහාම වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තවට උපදෙස් ලබා දී තිබෙනවා,

අප රටේ පහතරට ප්‍රදේශවල වැව් සහ ඇළ මාර්ග රැසක් මේ වන විට “හම්බු” නැමැති පන් විශේෂය විසින් ගිළගෙන ඇති අතර මේ නිසා වැව් සහ ඇළ මාර්ග ගොඩ වීමේ තර්ජනයට මුහුණ දී තිබෙනවා. ඒවායෙහි අවශ්‍ය ජල ධාරිතාව රැස් වන්නේ නැත. එයට හේතුව අඩි 08ක් පමණ උසට ඝනව පැතිරෙන මෙම “හම්බු පන්” විශේෂය වැව් සහ ඇළ මාර්ග ආක්‍රමණය කරමින් තිබීමයි.

“හම්බු පන්” (Typha Angustifolia) ආක්‍රමණශීලි ශාකයක් වන අතර, කුමන ආකාරයකින්වත් විනාශ කළ නොහැකි පන් විශේෂයකි. මෙම පන්වල හට ගන්නා මල්වල රේණු සුළඟේ පැතිර යාම නිසා අවට ජනතාවට ද මහත් හිරිහැරයක්ව ඇත්තේ, එම රේණු ඇඟ තැවරුණු විට කැසීම මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාව ද ඇති වන නිසායි.

එම නිසා වැව් සහ ඇළ මාර්ග ආශ්‍රිතව තිබෙන “හම්බු පන්” ගළවා ඉවත් කිරීමට යන්ත්‍ර භාවිතයෙන් හෝ පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්