Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති රට හමුවේ ඇති අභියෝගය පෙන්වා දෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 12:24

ජනපති රට හමුවේ ඇති අභියෝගය පෙන්වා දෙයි

වර්තමානයේ මතුව ඇති ආර්ථික අර්බුදය අපේ රටට පමණක් සීමා වුවක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවදාරණය කරනවා. රටවල් රැසක් මෙම අභියෝගයට මුහුණ දී සිටින බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන හාරසිය හතලිස් පහක්.  වානිජ බැංකු , තැපැල් කාර්යාල, ආයුර්වේද මධ්‍යස්ථාන,වෙළෙදසැල්, ප්‍රදර්ශනශාලා යනාදියෙන් ගොඩනැගිල්ල සමන්විතයි. ලෝක බලවතුන්ගේ ආර්ථික ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට බලපෑම් එල්ල වුවද නිසි ආර්ථික සැලසුම තුළින් එම අභියෝග ජය ගැනිමට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,

මහර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියිට පත් කෙරුණා. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ පන්සියයක්. ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත වුණා.

මේ අතර කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පිහිණුම් තටාකය සිසු අයිතයට පත් කෙරුණේ ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට යාබදව ඉදි කෙරුණු පිහිණුම් තටාකයේ පහත මහලේ ඉදි කෙරුණු කඩ කාමර කුළි පදනම මත ලබා දිමෙන් එහි නඩතුත්තු කටයුතු සිදු කිරිම සැලසුමයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සුඛිතපුර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරියයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 17ක්.

කඩවත එස් කේ කේ සුරියආරච්චි ද්විතික විද්‍යාලයේ ඉදි කෙරුණු නව තාක්ෂණික විද්‍යාගාරයද ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරුණා. ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත එය ඉදි කර තිබෙනවා.

මේ අතර මහර මහාමයා බාලිකා විද්‍යාලයේ සම්මාන ප්‍රධාන උත්සවය ද පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.   විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වු සිසුවියන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථානවට සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 12:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්