නාය යාමේ අවධානමක් හේතුවෙන් බගවන්තලාව ප්රදේශයේ පවුල් පහක සාමාජිකයන් 23 දෙනෙක් ඉවත් කර ති්බෙනවා. හැටන් – බගවන්තලාව මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමට පොලිසිය කටයුතු කළා. තවදුරටත් නාය යෑම සක්රීය මට්ටමක පවතින බවයි අප වාර්තාකරුවන් ප්රකාශ කළේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.