ලෝකයේ මේ වන විට සිදු වෙමින් පවතින දේශගුණික විපර්යාස වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් යුරෝපා රටවල් කිහිපයක උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.
පැරීසිය, ජිනීවා නුවර, ලක්සම්බර්ග් ඇතුළු නගර 30ක රාජ්ය නොවන සංවිධාන 25ක් එක්වයි මෙම උද්ඝෝෂන රැල්ල ආරම්භ කර තිබෙන්නේ. මේ සදහා දස දහසකට වැඩි පිරිසක් එක්ව සිටින බව වාර්තා වනවා. 2030 වසරේ සිට 2052ක අතර කාලය තුළ මිහිතලය උණුසුම් වීම බරපතල ගැටළුවක් වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්ය මණ්ඩලය පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ. ඒ සදහා කඩිනම් විසදුම් සෙවීමට පියවර ගන්නා ලෙසයි උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ.