fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන මළු බෙදාදීම අද සිට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 09:46

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන මළු බෙදාදීම අද සිට

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට රජය ලබාදෙන සහන මළු අද සිට බෙදා හැරිමට පියවර ගෙන තිබෙනවා. නොච්චියාගම ප‍්‍රදේශයෙන් එම කටයුතු ආරම්භ කරන බවයි ආපදා කළමණාකරන අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ.

පවුලේ සාමාජිකයන් තුන් දෙනෙකුට වැඩි නම් රුපියල් පන් දහසක සහන මල්ලක්ද සාමාජිකයන් ගණන තුන් දෙනෙකුට අඩු නම් රුපියල් හාර දහසක සහන මල්ලක්ද වශයෙන් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. සහන මළු සකස් කිරිම ගිරිඋල්ල සහ දඹදෙණිය යන ප‍්‍රදේශවල පිහිටි ශ‍්‍රී ලංකා පාරිභෝගික හා සමූකාර සංගමයට අයත් මධ්‍යස්ථානවලදි සිදුවුණා. ඒ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුගේ අධික්ෂණය යටතේයි. අමාත්‍යංශය නිකුත් කළ චක‍්‍රලේඛයට අනූව නියමිත ප‍්‍රමිතියෙන් මෙම සහන මළු ලබාදෙන බවයි ආපදා කළමණාකරන අමාත්‍යංශය සඳහන් කළේ.

නොච්චියාගම, තලාව, ගලෙන්බිදුණුවැව, කහටගස්දිගිලිය සහ මිහින්තලය ප‍්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාසවල පීඩාවට පත් ජනතාව සඳහා පළමු අදියර යටතේ එම සහන මළු ලබාදීම සිදුකෙරෙනවා. ඒ අනුව දිවයින පුරා පීඩාවට පත් පවුල් හාර ලක්ෂ පනස් දහසක් සඳහා සහන මළු ලබාදීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්