fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් නිවාස 1200ක් ඉදි කිරීමට ඉන්දියාවේ සහාය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 18:04

තවත් නිවාස 1200ක් ඉදි කිරීමට ඉන්දියාවේ සහාය

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකා රුපියල් මිලියන 600 ක මුල්‍ය ආධාර යටතේ ආදර්ශ ගම්මාන 50 ක් තුළ නිවාස 1200ක් ඉදි කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් දෙකකට අද අත්සන් තැබුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා හා නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් බර්නාර්ඩ් වසන්ත මහතා මෙම ගිවිසුම් වලට අත්සන් තැබුවා.

ග්‍රාම ශක්ති ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද සත්සුරුගම ආදර්ශ ගම්මානය ප්‍රතිලාභීන්ගේ අයිතියට පත් කිරීම සඳහා හම්බන්තොටදී  පවත්වන ලද විශේෂ උත්සවයක් අතරතුර මේ කටයුතු සිදුවුණේ. ඉන්දියානු මහ කොමසරිස්වරයා විශේෂ අමුත්තෙක් ලෙස මෙම උත්සවයට සහභාගී වුණා.

මෙම නිවාස 1200 ඉදිකරනු ලබන්නේ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ඉදිකරනු ලබන නිවාස 1200 (ආදර්ශ ගම්මාන 50) ට අමතරවයි. මේ අනුව ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සමඟින් ආදර්ශ ගම්මාන 100ක නිවාස 2400ක් ඉදිකිරීම සඳහා ඉන්දියාව සිය දායකත්වය ලබා දී තිබෙනවා.

ඉන්දියානු මුල්‍ය ප්‍රදානයන් යටතේ හිමිකරු දායකත්වය සහිතව මෙම නිවාස ඉදි කරනු ලැබේ. නව අවබෝධතා ගිවිසුම් වලට අනුව දකුණු සහ උතුරු පළාත්හි නිවාස 600 බැගින් ඉදි කෙරෙනවා. අඩු ආදායම්ලාභී, ඉඩම් හා නිවාස නොමැති පිරිස් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් වශයෙන් ඉලක්ක කරගෙන තිබෙනවා. සෑම ප්‍රතිලාභියෙකුටම ලක්ෂ 05 ක මුල්‍ය ප්‍රදානයක් නිවාස ඉදිකිරීමේ අදියරයන්ට අදාළව කොටස් වශයෙන් ලබා දෙනු ඇත.

සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ නිවාස 63000 ක් පමණ ඉදිකිරීමට ඉන්දියාව සහාය දක්වා සිටී. මුල්‍ය ප්‍රදානයන් යටතේ ශ්‍රී ලංකාවේ නිවාස ඉදි කිරීම සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් පමණ ලබා දී තිබෙනවා.

ඉන්දියාව මේ දක්වා ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් මූල්‍ය වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3කට ආසන්නයි. එයින් ඇමරිකානු ඩොලර් මිලියන 550ක් නැවත නොගෙවිය යුතු ප‍්‍රදානයන් වන අතර ඉතිරිය සහනදායි ණය ආධාර වනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්