ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 31ක ජයක් ලබාගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 278ක් රැස්කළා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් ලකුණු 92ක් ඉනිමට එක්කළා. අනගි පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග කඩුලු 05ක් දවාගත්තා. සිය ජාත්‍යන්තර ක්‍රීකට් දිවියේ කඩුලු 500 සම්පූර්ණ කර ගැනීමටද ඔහු සමත්වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කන්ඩායමේ ඉදිරිපෙළ කඩුලු හතරක් ලකුණු තිස්එකකදී දැවි ගියා. පන්දුවාර 29ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 140ක් ලබාගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ වන විට තිසර පෙරේරා නොදැවී ලකුණු 44ක් හා ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 36ක් ලබාගෙන සිටියා. වර්ෂාව නොකඩවා පැවතීමෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 31ක ජයක් එංගලන්තයට හිමිවුණා.