නියඟයෙන් පීඩාවිඳි ජනතාව වෙනුවෙන් රජය මගින් ලබා දෙන සහන මලු හෙට (14) දින සිට බෙදා දීම ආරම්භ කරන බව ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොච්චියාගම, තලාව, ගලෙන්බිදුණුවැව, කහටගස්දිගිලිය, මිහින්තලය යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලදී මෙම සහන මලු බෙදාදීමට නියමිතයි.
සහන මලු බෙදාදිම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අමාත්‍යයවරයා මෙලෙස අදහස් දැක්වුවා.
”පහුගිය කාලයේ නියඟයෙන් පීඩා විඳි පවුල් සඳහා සහනාධාර ලෙස වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනක් විලච්චියෙන් ආරම්භ කළා. පවුල් හාර ලක්ෂ පනස් දහසක් වෙනුවෙන් අපි සහනාධාර ලබා දෙනවා. එහිදී තිදෙනෙකුට වඩා පවුලේ සමාජිකයින් සිටින පවුලක් සඳහා රුපියල් 5000ක බඩු මල්ලකුත්, තිදෙනකුට අඩු පවුලක් සඳහා රුපියල් 4000ක බඩු මල්ලකුත් ලබාදෙනවා.ඒ සහනාධාර මලු හෙට (14) සිට අදාළ ප්‍රදේශ වෙත නිකුත් කර , හෙට වන විට අදාළ සහන මල්ල ලබාදෙන්න පුළුවන්කම තියෙනවා.”