Life+News The Official News Portal of Independent Television Network Ltd

පරිසර අභියෝගය වැඩිම දිස්ති‍්‍රක්කය ගම්පහ – ජනපති කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 15:56

පරිසර අභියෝගය වැඩිම දිස්ති‍්‍රක්කය ගම්පහ – ජනපති කියයි

පරිසර අභියෝගය වැඩිම දිස්ති‍්‍රක්කය බවට මේ වන විට ගම්පහ දිස්ති‍්‍රක්කය පත්ව තිබෙන අතර, සුළුකොට තැකිය නොහැකි මෙම අභියෝගය ජයගැනීමට පාසල් දරුවාගේ සිට සියලුදෙනා කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසනවා.ගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට අද (13) පෙරවරුවේ එක්වෙමිනුයි.

සියවසක් සපුරන බණ්ඩාරනායක දරුවන්ගෙන් මෙහිදී ජනාධිපතිතුමා ඉල්ලා සිටියේ පරිසරය රැකගැනීම වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙසයි. සෑම පාසල් දරුවෙකුගේම උපන්දිනයට පැළයක් සිටුවීමට ඔවුන් නැඹුරු කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී විදුහල්පතිවරුන් වෙත උපදෙස් දුන්නේ ය. පරිසරය හෙට මිනිසා ප‍්‍රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීම පිළිබඳ තීරණාත්මක සාධකය වනු ඇති බව මෙහිදී වැඩිදුරටත් පැවසූ ජනාධිපතිතුමා පරිසරය රැක ගැනීම වෙනුවෙන් සියලුදෙනා කඩිනමින් තම වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළේය.

බණ්ඩාරනායක සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban ප‍්‍රදර්ශනය අද(13)  දින විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.බණ්ඩාරණායක සිසුන්ගේ හැකියා ලොවට ගෙන යන X-Ban ප‍්‍රදර්ශනය නැරඹීමට එක් වූ ජනාධිපතිතුමා එම සිසුන්ගේ දක්ෂතා ඇගැයීමට ලක්කළේය.

ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිපදවා තිබෙන රොකට්ටුව මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර එම රොකට්ටුව ගුවන් ගත කිරීමට අවශ්‍ය කටයුතු සහ ඒ සඳහා වන වියදම් ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

අද (13) පෙරවරුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙත ගිය ගරු  ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය. විද්‍යාල පරිශ‍්‍රයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ශ‍්‍රී ලංකා ටෙලිකොම් ,විදැස ඩිජිටල් ඉස්කෝලේ ජනගත කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන ලසන්ත අලගියවන්න, අජිත් මාන්නම්පෙරුම, ගම්පහ දිස්ති‍්‍රක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අජිත් බස්නායක, දිස්ති‍්‍රක් ලේකම් සුනිල් ජයලත්, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 15:56
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්