fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හලාවත නගරයේ හෝටලයක් ගිනිගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 16:14

හලාවත නගරයේ හෝටලයක් ගිනිගනී

හලාවත නගරයේ හෝටලයක දහවල් 2.00 ට පමණ මෙම ගින්නක් හටගත්තා. ගින්න වහා පාලනය කිරීමට හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය,හලාවත පොලීසිය සහ ප්‍රදේශවාසීන් සමත්වී තිබෙනවා.

එක්වරම හෝටලයේ මුළුතැන් ගෙය දෙසින් ගින්න හට ගත් බව හෝටල් හිමියා කියාසිටියා. හෝටලයේ තිබූ ගෑස් සිලින්ඩරයක සිදුවී ඇති කාන්දුවක් ගින්න හට ගැනීමට හේතුව බවට පොලිසිය සැක කරනවා.

ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් වාර්තා නොවන අතර,සිදුවී ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

හලාවත – පුත්තලම මාර්ගයේ පිහිටි මෙම හෝටලය රාත්‍රී හෝටලයක් ලෙස ප්‍රසිද්ධයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්