fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිය – පුතු ආරවුල මරණයකින් කෙළවර වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 12:53

පිය – පුතු ආරවුල මරණයකින් කෙළවර වෙයි

වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේදී පියෙකු විසින් තියුණු පිහියක් ඇන සිය පුතු ඝාතනය කර තිබෙනවා. පියා සහ පුතා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධියෙන් බරපතල තුවා ලබා තිබු පුතු මාරවිල මුලික රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයා තිස් හැවිරිදි නුවන් චතුරංග ප්‍රනාන්දු නම් විවාහක පුද්ගලයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් පියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරික්ෂණ අද පැවැත්විමට නියමිතයි. වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්