Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කටාර් වීසා මධ්‍යස්ථානය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 12:11

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කටාර් වීසා මධ්‍යස්ථානය විවෘත කෙරේ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කටාර් වීසා මධ්‍යස්ථානය ඊයේ (12) කොළඹදී විවෘත කෙරුණා.  ශ‍්‍රී ලංකාවේ කටාර් රාජ්‍යයේ තානාපති ආචාර්ය රෂීඞ් බින් සාෆියා අල් – මාරී මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වුණා. කටාර් රාජ්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වීසා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ මේජර් අබ්දුල්ලා කලීෆා අල් මොහන්දී මහතාද එම අවස්ථාවට එක්වුණා.

නව වීසා මධ්‍යස්ථානය තුළදී කටාර් රාජ්‍යයේ රැකියා සදහා අයදුම් කිරීමේදී අවශ්‍ය වන ජීවමිතික තොරතුරු වන රැකියා ගිවිසුම් අත්සන් කිරීම සහ වෛද්‍ය පරීක්‍ෂණ කිරීම වැනි සියලූ කටයුතු කිරීමට හැකිවීම විශේෂත්වයක්. වීසා අයදුම් කිරීමේ ක‍්‍රියාවලියේදී අවශ්‍ය වන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිර්‌දේශ අංකයක් ගැනීම, අන්තර්ජාලය ඔස්සේ ඕන්ලයින් තාක්‍ෂණයෙන් හමුවීම් වෙන්කර ගැනීම සහ හමුවීම ඇති වෙලාවට විනාඩි පහලොවකට පෙර කටාර් විසා මධ්‍යස්ථානයට යාමට හැකිවීම වැනි පහසුකම් සලසා දී තිබෙනවා.

නව වීසා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේ දී අදහස් දැක් වු කටාර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය රෂීඞ් බින් සාෆියා අල් – මාරී මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ සහ කටාර් රාජ්‍යයේ ද්විපාර්ශවික සබදතා තවදුරටත් පුඵල් කිරීම සදහා නව වීසා මධ්‍යස්ථානය විවෘත කළ බවයි.

ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංක 435/3 හි සෙන්ට‍්‍රා සුපර් සිටී හි පිහිටි නව වීසා මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමින් නව තාක්‍ෂණ්‍ය භාවිතා කර ඉදිකර ඇති අතර එය සෑම සදුදා සිට සිකුරාදා දිනකම පෙරවරු 8.30 සිට 4.30 දක්වා විවෘතව ඇත.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 12:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්