fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනෙකුත් රටවලට සාපෙක්ෂව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය යහපත් මට්ටමක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 11:55

අනෙකුත් රටවලට සාපෙක්ෂව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය යහපත් මට්ටමක

අනෙකුත් රටවලට සාපෙක්ෂව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය යහපත් මට්ටමක පවතින බව කතානායක කරූ ජයසුරිය මහතා පවසනවා.  කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබද කොළඹදී පැවති වැඩමුළුවට සහභාගිවෙමින්.

දෙදහස් තිහ තිරසර සංවර්ධනය සදහා වූ පාර්ලිමේන්තු තේරීම් කමිටුව, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන සහ අන්තර් පාර්ලිමේන්තු එකමුතුවයි මෙම සමුළුව පවත්වන්නේ.  වැඩමුළුවට සහභාගිවෙමින් කතානායක කරූ ජයසුරිය මහතා අදහස් දැක්වුවා.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ලොව අනෙක් රටවලට සාපෙක්ෂව යහපත් මට්ටමක පවතිනවා. අපේ රාජ්‍ය ආයතනවල පවතින ගිණුම්වල විශ්ලේෂණ වාර්තා ක්‍රමානුකූලව ලැබීමට සලස්වන බව පළමුවතාවට අපිට දකින්න පුළුවන්. එය දැන් හොද මට්ටමක පවතිනවා. අපේ රටේ පවතින හැම රැකියා ක්ෂේත්‍රයකම කාන්තාවන් නියෝජනය වනවා. අනාගතයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිවෙතැයි මම බලාපොරෝත්තු වනවා. මේ වන විට අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද විශාල සංවර්ධනයක් දකින්න පුළුවන්. 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්