fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුක්මණී දේවි 40 වන ගුණ සමරු උත්සවය මීගමුව රුක්මණී දේවි රඟහලේ දී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 11:21

රුක්මණී දේවි 40 වන ගුණ සමරු උත්සවය මීගමුව රුක්මණී දේවි රඟහලේ දී

1978 සැප්තැම්බර් මස 28 වැනි දින දැයෙන් සමුගත් රුක්මණී දේවියගේ 40 වන ගුණ සැමරු උත්සවය උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ඔක්තොම්බර් 29 දින පෙ:ව: 10.00 ට මීගමුව රුක්මණී දේවි රඟහලේ දී පැවැත්වෙන බව ටවර් හෝල් රඟහල පදනම පවසනවා.

ශ්‍රී ලාංකේය සිංහල සිනමාවේ ප්‍රථම කතා නාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රංජනීගේ චරිතයට පණ පොවමින් සිනමාවට ප්‍රවිෂ්ට වූඩේසි ඩැනියෙල්ස් හෙවත් රුක්මණී දේවිය, සිංහල සිනමාවේ අග්‍රගන්‍ය නිළිය ලෙසින් හා ලංකාවේ ගීත කෝකිලාවියනමින් ද හැදින්විය. වේදිකාවෙන් සිය රංගන දිවිය ඇරඹු ඇය රිදී තිරයට පැමිණ චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූවාය.

කාන්තාවක්‌ කලාවට සම්බන්ධ වීමඅවඥාවෙන් සැලකූ යුගයක බිහි වූ මෙම සුවිශේෂී රංගන ශිල්පිනියගේ කැපවීම, එඩිතරභාවය, ධෛර්යය හා ඈ තුළ පැවති විනය නිසාවෙන් ඉතා කෙටි කලකින් ජනප්‍රසාදයට පාත්‍ර වීමට හැකි විය. කපටි ආරක්ෂකයා, පෙරළෙන ඉරණම, හදිසි විනිශ්චය සමගින් මිනර්වා නාට්‍ය කලාව ජය කෙහෙළි නැංවීමට සමත් වූයේ ද රුක්මණීදේවියගේ සම්ප්‍රාප්තියත් සමඟයි.

එච්.ඩබ්. රූපසිංහ මාස්ටර් සමඟ ‘සිරි බුද්ධගයා විහාරේ‘ ගීතය ගායනා කරමින්, ග්‍රැමෆෝන් ගීත ගායනයට මෙන්ම නූර්ති ගීත ගායනයට ද තමා තුළ සහජ හැකියාවක් තිබූ බව මෙම ප්‍රතිභාපූර්ණ කලාකාරිණිය පිළිබිඹු කළාය.

රුක්මණී දේවි 40 වන ගුණ සමරු උත්සවය සඳහා මීගමුව ප්‍රදේශයේ පාසල් දරු දැරියන් 400 ක් පමණ සහභාගී වන අතර, එදින මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ, ටවර් හෝල් රඟහල පදනමේඅධ්‍යක්ෂ (නාට්‍ය ප්‍රවර්ධන, අධ්‍යාපන හා වැඩසටහන්) සමන් සොයිසා මහතා විසිනි.

මෙම අවස්ථාවට කලාකරුවන් ඇතුළු ප්‍රදේශයේ මැති ඇමතිවරුන් පිරිසක් ද සහභාගීවීමට නියමිත බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 11:21

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්