අතුරුදන්ව සිටි සවුදි අරාබි මාධ්‍යවේදි ජමාල් කෂෝගි ස්ථාන්බුල් නුවර සවුදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනයට ලක්වු බවට පැහැදිලි සාක්ෂි ඇතැයි තුර්කි රජය පවසනවා. එය තහවුරු කරෙන හඬපට සහ වීිඩියෝ සාක්ෂි ද තමන් සතුව පවතින බවයි තුර්කි බුද්ධි අංශ තහවුරු කළේ. සවුදි රජය දැඩිව විවේචනය කළ මාධ්‍යවේදියෙකු වන ජමාල් කෂෝගි පසුගිය 02 වනදා කොන්සල් කාර්යාලය තුළට ගොස් ඇතත් නැවත පිටතට පැමිණ නැහැ. කෙසේ වෙතත් දැනට ලැබී ඇති සාක්ෂි වලට අනුව ඔහුට පහරදෙන ආකාරය ඇතුළත් හඬපට ලැබී ඇති බවයි තුර්කි රජය පවසන්නෙ. එභෙත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි සවුදි අරාබි රජය නිවේදනය කළේ.

අතුරුදන්ව සිටි සවුදි අරාබි මාධ්‍යවේදියා ඝාතනය කළ බවට සාක්ෂි ඇතැයි තුර්කිය කියයි
කියවීමට මිනිත්තු 1