fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බදුල්ල පූනාගල වතුයායේ ඉදිකළ නව ගම්මනය ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 10:07

බදුල්ල පූනාගල වතුයායේ ඉදිකළ නව ගම්මනය ජනතා අයිතියට

බදුල්ල දිස්ත්‍රික්කයේ පූනාගල වතුයායේ අම්පිටිකන්ද කොටසේ ඉදිකළ නිවාස 157 කින් යුතු නව ගම්මානය ජනතා අයිතියට පත් කිරීම ඔක්තෝම්බර් 13 වැනි අද දින පෙරවරු 10.00 ට සිදුකිරීමට නියමිතයි.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරෙනුඇති.

බදුල්ල – කොස්ලන්ද – මීරියබැද්ද වතුයායේ 2014/10/26 වැනිදා සිදුවූ නායා යෑම හේතුවෙන් පීඩාවට පත් පවුල් 75 ක් සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මැදිහත්ව නව නිවාස ඉදිකර කෙරුණා. ඒ ආසන්නයේම පිහිටි දියගල කොටසේ ජනතාවටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර තිබුණේ තම පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙසයි. තම දුක් ගැනවිල්ල එම ජනතාව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව ආරක්ෂිත ස්ථානයක ඉදිකළ මෙම නව නිවාස 157 මෙලෙස ජනතාව වෙත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා එක් නිවාසයකට ලක්ෂ 10 බැඟින් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් අමාත්‍යාංශය වැය කළ අතර විදුලිය, ජලය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් ද ලබාදීමට වැය කර ඇති මුදල ලක්ෂ 170 ක්. එමෙන්ම එම නිවාස සඳහා නිරවුල් ඔප්පු ලබාදීමද මෙහිදී සිදු කෙරෙනවා.

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්නන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩුවෙල් සුරේශ් මහතා, අරවින්ද් කුමාර් මහතා, චමින්ද විජේසිරි මහතා ඇතුළු බදුල්ල දිස්ත්‍රික්යේ දේශපාලන නායකයින් රැසක් මෙම අවස්ථාවට එක්වෙයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්