Life+News The Official News Portal of Independent Television Network Ltd

එකම දිනකදී විවාහ වීමට සූදානම් වන සුපිරි තරු

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 08:30

එකම දිනකදී විවාහ වීමට සූදානම් වන සුපිරි තරු

දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩ් සිනමාවේ සුපිරි කාරකාවන් දෙපළක්. එම තාරකාවියන් දෙදෙනාගේ විවාහය සම්බන්ධයෙන් පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණ මාතෘකාවක්. එහිදී දීපිකා පදුකෝන් විවාහ වීමට යන්නේ ඉන්දීය සුපිරි නළු රන්වීර් සිං සමඟ බව ලොවට ප්‍රකාශ කළා.ඒ වගේම  ප්‍රියංකා චොප්රා විවාහ වීමට සුදානම් වන්නේ නික් ජෝන්ස් සමඟ බවත් ඔවුන්ගේ ගිවිසගැනීමත් පසුගියදා සිදුවුණා.

බොලිවුඩ් පුරවරයෙන් දැන් ලැබෙන නවතම තොරතුරු වාර්තා තහවුරු කරන්නේ දීපිකා පදුකෝන් – රන්වීර් සිං සහ  ප්‍රියංකා චොප්රා – නික් ජෝන්ස්ගේ විවාහ උත්සව දෙකම එකම දිනයක පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි. තවමත් නිශ්චිතව දිනය තහවුරු කර නොමැති නමුත් නිළ නොවන ආරංචි මාර්ග පවසන්නේ ඔවුන්ගේ විවාහයන් එළඹෙන නොවැම්බර් මස 20 වැනි පැවැත්වීමට තටයුතු සූදානම් කර තිබෙන බවයි.

විවාහයයන් පවත්වන දිනවල වෙනසක් සිදුවුවද  බොලිවුඩයේ සුපිරි විවාහ දෙකක් වන මෙම විවාහයන් ඔවුන්ගේ රසිකයන්ට නම් අපූරු අත්දැකීමක් වනු නොඅනුමානයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්