fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහත්මා ගාන්ධිතුමා පිළිබඳ විශේෂ විවාදයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 15:04

මහත්මා ගාන්ධිතුමා පිළිබඳ විශේෂ විවාදයක්

ඉන්දියාවේ බිහි වූ අවිහිංසවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධී මැතිතුමාගේ 150 වැනි ජන්ම දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ විවාදය අද (12) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවාදය් ආරම්භ කළේ ය. අවිහිංසාවාදයේ ප්‍රතිමූර්තිය ලෙස ගාන්ධීතුමන් හැදින්විය හකි බවත්,එතුමා ජනතාව එකරාශී කරගත් අසාමාන්‍ය දේශපාලන උපාය මාර්ග සකස් කළ මහාපුරුෂයෙකු බවත් එතුමා සත්‍යග්‍රහ හරහා ජනතාව දිනා ගත් බවත් පැවසී ය.

මෙහිදී අඳහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ මහත්මා ගන්ධී මැතිතුමා ගැන සිහිකිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අවස්ථාවක් ලබීම මහත් භාග්‍යක් කොට සළකමි. අසල්වැසි මිත්‍ර ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ නයකයකු වූ මහත්මා ගාන්ධී ශ්‍රීමතානන්ගේ සත්‍ය හා අවිහිංසාව මූලික කරගත් මානව ප්‍රතිපත්ති පෙරදැරි කරගත් දර්ශනය මුළු ලෝකයටම මඟ පෙන්වන්නක් බව කියා සිටියේ ය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්