Life+News The Official News Portal of Independent Television Network Ltd

කෙහෙළියට එරෙහි පයිප්ප නඩුව ජනවාරියට කල් යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 13:41

කෙහෙළියට එරෙහි පයිප්ප නඩුව ජනවාරියට කල් යයි

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ජනවාරි මස 11 දා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. රූපවාහිනී සංස්ථාවේ ප්‍රවර්ධන වැඩසටහනකට යැයි කියමින් එහි මුදලින් පයිප්ප බට 600ක් මිලට ගෙන රජයට රුපියල් ලක්ෂ 9 කට අධික මුදලක් පාඩුවක් කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ.

අද දින මෙම නඩුව විභාගයට සදහා කැදවු අවස්ථාවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගි වී ඇති බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය මෙම නඩුවේ අනෙකුත් විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

2014 වසරේ දෙසැම්බර් 02 සිට 10 වැනිදා අතර කාලයේ මෙම සිදුවීම සිදු වී ඇති බවයි අල්ලස් කොමිසම චෝදනා කරමින් කියාසිටින්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 13:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්