fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බදුල්ල රෝහලට දසමහල් වාට්ටු සංකීර්ණ දෙකක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 12:52

බදුල්ල රෝහලට දසමහල් වාට්ටු සංකීර්ණ දෙකක්

බදුල්ල  මහ  රෝහල සදහා මහල් දහයකින් යුත් නව වාට්ටු සංකීර්ණ දෙකක් ඉදිකිරීමට සෞඛය අමාත්‍යයාංශයේ අවධානය යොමුව තිබෙනවා.  මෙම  ව්‍යාපෘතිය සදහා වැයකෙරෙන මුලු මුදල රුපියල් මිලියන 4636ක්.

මේ යටතේ  ඉදිකෙරෙන හදිසි අනතුරු හෘද රෝග සහ වෛද්‍ය වාට්ටු ඇතුලත් දස මහල් ගොඩනැගිලි සංකීර්ණය සදහා රුපියල් මිලියන 3958 ක මුදලක් වැය කෙරෙන අතර මහල් දහයකින් යුත් වකුගඩු අඝාත සහ වෛද්‍ය වාට්ටු සංකීර්ණය සදහා රුපියල් මිලියන 678ක මුදලක් වැය කෙරෙනවා.

නව ගොඩනැගිලි සදහා මුල්ගල තැබීම හෙට  (13) සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එම අවස්ථාවට  අමාත්‍ය නිමල්  සිරිපාලද සිල්වා, හරීන් ප්‍රනාන්දු, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය පයිසාල් කාසිම් ඇතුලු මැති ඇමැතිවරුන්  මෙන්ම සෞඛය අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු රැසක්ද සහභාගී වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්