Life+News The Official News Portal of Independent Television Network Ltd

ජගත් මානව හිමිකම් කවුන්සිලයට නව සාමාජිකයන් පත්කර ගැනීම අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 12:25

ජගත් මානව හිමිකම් කවුන්සිලයට නව සාමාජිකයන් පත්කර ගැනීම අද

රටවල් 193ක් අතරින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව සාමාජිකයන් පත්කරගැනීම අද (12) සිදු කිරීමට නියමිතයි. ආසියා-පැසිෆික් කලාපයෙන් ඉන්දියාව මේ සදහා තේරීපත්වනු ඇතැයි විචාරකයන් පවසනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට තේරීපත්වීම සදහා අවම වශයෙන් රටවල් 97ක ඡන්ද ලබාගැනීම අවශ්‍ය වනවා. මේ සම්බන්ධයෙන් රහස් ඡන්දයක් පැවැත්වීඹට නියමිතයි. අද තේරී පත්වන සාමාජිකයන් ඉදිරි වසර තුනේදී මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට ‍ලෙස කටයුතු කරනවා. ඉන්දියාව සමග බහරේනය, බංග්ලාදේශය, ෆිජී දේශය සහ පිලිපීනය ඉන්දියාව සමග මේ කලාපයේ සාමාජිකත්වය දරනු ඇති බවයි සදහන් වන්නේ. 2011-2014 කාලයේ සහ 2014-2017 කාලයේ ඉන්දියාව මේ කවුන්සිලයේ සාමාජිකත්වය දැරුවා. 2019 ජනවාරි 01 වැනිදා සිට නව සාමාජිකයන් කවුන්සිලයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආසන 13ක් ආසියා-පැසිෆික් කලාපයේ රටවලට හිමිවෙනවා. මීට අමතරව අප්‍රිකානු රාජ්‍යවලට ආසන දහතුනක්ද, නැගෙනහිර යුරෝපීය රටවලට ආසන හයක්ද, ලතින් ඇමරිකානු සහ කැරිබියන් රාජ්‍යවලට ආසන අටක්ද, බටහිර යුරෝපීය රටවල් වලට ආසන හතක්ද වශයෙන් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 12:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්