fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ පුහුණු සැසියක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 12:15

ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ පුහුණු සැසියක

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සංචාරක එංගලන්තය සමග හෙට (13) පැවැත්වීමට නියමිත දෙවන එක්දින ක්‍රිකට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට අද (12) උදෑසන එක්වුණා.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. කෙසේ වෙතත් ඊයේ (11) දිනයේ සිට මේ දක්වා වියළි කාලගුණයක් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට පවතිනවා. දෙවන එක්දින තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණු සැසියකට අද (12) උදෑසන එක්වුණා. එහිදී වැඩි අවධානයක් පිතිකරණයට හා පන්දු යැවීමට යොමුකර තිබුණා. එංගලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට මෙරට පන්දු යවන්නන්ට වැඩි වගකීමක් තිබෙනවා. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අතර එංගලන්තය පළමු ස්ථානය හිමිකරගෙන සිටිනවා. එහි ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 08 වන ස්ථානයේයි.  හෙට (13) දිනයේ පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධාවක් ඇති නොවනු ඇති බවයි එහි සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තගරය ද පන්දුවෙන් පන්දුව සජීවීව අයිටීඑන් එෆ් එම් ඔස්සේ ගෙන ඒමට මේ වනවිට සියලු කටයුතු සූදානම්.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 12:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්