fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙලනියා ට්‍රම්ප් අප්‍රිකාවේ ගියා වාගේ..

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 11:31

මෙලනියා ට්‍රම්ප් අප්‍රිකාවේ ගියා වාගේ..

ඇමෙරිකා ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ගේ අප්‍රිකානු සංචාරය ගැන ලෝකයම කතා වෙනවා. මොකද මේ ගමන මෙලනියා ගිහින් තියෙන්නේ තනිවම වගේම තනිවම විදෙස් සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි.

ඇය ඇමෙරිකා රජයේ ආධාර මත පවත්වාගෙන යන ‘ද නෙස්ට්’ පාසලේ සහ ළමා නිවාසයේත් සංචාරයකට එක් වුණා. ඉතින් මෙලානියා පාසල් දරුදැරියන් එක්ක ගී ගයමින් නැටුමක ද යෙදුණේ හරිම සැහැල්ලුවෙන්. මෙලනියා ට්‍රම්ප් කෙන්යාවට ගියේ මලාවි රාජ්‍යයේ සංචාරය කිරීමෙන් පසුවයි. කෙන්යාවට පැමිණි මෙලානියාව කෙන්යා ජනාධිපති ආර්යාව මාගරට් කෙන්යාටා විසින් පිළිගනු ලැබුවා.

 

 

 

 

අමෙරිකානු ජනපති ආර්යාව කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටුවා තිබෙන අප්‍රිකානු අලි අනාථාගාරය නැරැඹීමට යන්නේ මෙන්න මේ අතරේදීයි. 48 හැවිරිදි මෙලනියා මව අහිමි අලි පැටවන් සුරතල් කළා පමණක් නොවෙයි, ඔවුන්ගේ සුවදුක් බලලා කිරි පෙවීමටත් අමතක කළේ නැහැ. මේ අනාථාගාරයේ සිටින අලි පැටවුන් බොහොමයකගේ මව්වරුන් දළ ලබා ගැනීම වෙනුවෙන් මරා දමා ඇති බව, කෙන්යා වන ජීවී නිලධාරීන්  ඇමෙරිකා ජනාධිපති ආර්යාවට පෙන්වා දුන්නා.

 

 

 

මෙම සද්දන්තයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කෙන්යා රජය සහ වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙලානියා විමසා බැලීමක් ද සිදු කළා. වන ජීවී නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිවරාගෙන කෙන්යා ජාතික වනෝද්‍යානයේ සංචාරය කරමින් අප්‍රිකාවට ආවේණික සතුන් දැක බලා ගැනීමට මෙලනියා ට්‍රම්ප්ට හැකි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්