හොරෙන් මැණික් ගැරූ පුද්ගලයින් 4දෙනෙක් අත්අඩංගුවට
Related Articles
බගවන්තලාව – මහඑළිය රක්ෂිතයේ බලපත්ර නොමැතිව අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 4දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළා. රක්ෂිතයේ තාවකාලික කූඩාරම් ඉදිකර ගනිමින් කාලයක සිට ජාවාරම සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක් ද සිය භාරයට ගැනීමට විශේෂකාර්ය බලකාය සමත්වුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේ්ස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.