හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කොහුවල නගරයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසූවේ ඒ අතර කාන්තාවක් ද සිටින බවයි. ඔවුන් මීගොඩ සහ අවිස්සාවේල්ල ප්රදේශවල පදිංචිකරුවන්. හෙරොයින් ග්රෑම් 252 යි මිලි ග්රෑම් 100ක් සොයා ගැනීමට පොලීසිය සමත්වුණා. ඔවුන් ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.