fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිහින් ලංකා සමාගම රාජ්‍ය ආයතනයක් නොවන සමයේත් භාණ්ඩාගාරයෙන් රු.බිලියන 14.5ක ප්‍රාග්ධන පිරිවැයක් ලබාදීලා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 18:52

මිහින් ලංකා සමාගම රාජ්‍ය ආයතනයක් නොවන සමයේත් භාණ්ඩාගාරයෙන් රු.බිලියන 14.5ක ප්‍රාග්ධන පිරිවැයක් ලබාදීලා

මිහින් ලංකා සමාගම රාජ්‍ය ආයතනයක් ලෙස සංස්ථාපනය කර නොතිබියදී  2007- 2014 කාලය තුළ රාජ්‍ය භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 14.5ක ප්‍රාග්ධන පිරිවැයක් ලබා දී ඇති බව හෙළි වුණා. ඒ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීම සදහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේදීයි.

අද පෙරවරුවේ ආරම්භ වූ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියක වන චම්පා බාලසූරිය මහත්මියයි.මිහින් ලංකා සමාගම මෙම මුදල් සිය සේවා සපයන ආයතන කිහිපයක ගෙවීම් කටයුතු වෙනුවෙන් භාවිත කර ඇති බව බාලසූරිය මහත්මිය ප්‍රකාශ කළා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව,ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා බැංකුව හා ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව යන ආයතන ඉන් කිහිපයක්.

සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ඇතුළු මිහින් ලංකා ගුවන් සමාගමේ සේවකයන් සඳහා වැටුප් ගෙවීමට එම සමාගම විසින් රුපියල් මිලියන 972ක් වැය කර ඇති බව බාලසූරිය මහත්මිය සාක්ෂි දෙමින් කියා සිටියා. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන කොටස්කරුවකු බව පැවසූ බාලසූරිය මහත්මිය කියා සිටියේ මිහින් ලංකා සමාගම එම බැංකුවට කොටස් නිකුත් කිරීමේදී රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවයි. 2015 වසරේදි මිහින් ලංකා සමාගම දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් එම සමාගම ඈවර කිරිමට සිදු වූ බවද චම්පා බාලසූරිය මහත්මිය කොමිසම හමුවේ තවදුරටත් කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 18:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්