fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි අඩුවුණත් නාය යාම් රතු නිවේදන තවදුරටත් වලංගුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 18:15

වැසි අඩුවුණත් නාය යාම් රතු නිවේදන තවදුරටත් වලංගුයි

පසුගියදා බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට ඇතුළු වී තිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට එහි බලපෑම අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්  අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. ගත වු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබි ඇත්තේ බලපිටිය ප්‍රදේශයටයි.ඒ මිලි මීටර් 83.7ක්.

මේ අතර වැසි තත්ත්වය අඩු වුවද නාය යාම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති රතු නිවේදන තවදුරටත් වලංගු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 18:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්