හැම ෆේස් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජයි???
Related Articles
ලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක් මගින් දැක්වෙන්නේ ලංකාව තුළ සමස්තයක් ලෙස ගත්විට ෆේස්බුක් ගිණුම් 20%ක් ව්‍යාජ ඒවා බවයි.
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 4.5ක් මුහුණුපොත භාවිත කරන අතර ඉන් 33%ක් කාන්තාවන් වනවා. ඒ අතර 67%ක් පුරුෂ පක්ෂය නියෝජනය කරනවා.
ශ්‍රී ලංකාව පමණක් නොවෙයි චීන ජනතාවගෙන් 10.2%, දකුණු කොරියාවේ ජනතාවගෙන් 20%ක් හා ජපාන ජනතාවගෙන් 9.2%ක් අන්තර්ජාලයට ඇබ්බැහිවී ඇති බවට සමීක්ෂණවලින් පෙන්වා දී ඇති බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
ඉතින් මුහුණුපොතේ සැරිසරන ඔබත් මේ කරුණු සම්බන්ධයෙන් සැළකිලිමත් වීම ඉතාම වටිනවා. එහෙම නේද?
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment