fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මානසික සෞඛ්‍ය නඟා සිටුවීමට මාධ්‍යයේ කාර්යභාරය අතිශය වැදගත්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 15:43

මානසික සෞඛ්‍ය නඟා සිටුවීමට මාධ්‍යයේ කාර්යභාරය අතිශය වැදගත්

ජනතාවගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ දී මාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මානසික සෞඛ්‍ය පිළිබද පළමු ගෝලීය සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අත්දැකීම් හුවමාරුකර ගැනීම සදහා මෙම සමුළුව වැදගත් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ජීවන රටාවේ වෙනස්වීම් හේතුවෙන් බෝ නොවන රෝග සහ මානසික සෞඛ්‍ය ගැටලු වර්ධනයවීමේ ප්‍රවණතාවක් පවතිනවා. ජනගහනයෙන් සියයට දහයක් පමණ විවිධ මානසික සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳිනවා. සියදිවි නසාගැනීම් වැනි තත්ත්වයන් වර්ධනයවී තිබීම පිළිබඳව ද මෙම සමුළුවේ දී සාකච්ඡා කෙරුණා. මානසික සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමෙන් පසු වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම පිළිබදව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී අදහස් පළකළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්