Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපන සිනමා සම්මාන උළෙලේ සම්මානලාභීන් මෙන්න ..

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 16:16

යාපන සිනමා සම්මාන උළෙලේ සම්මානලාභීන් මෙන්න ..

පසුගිය 03 වැනිදා ආරම්භ වූ යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ ඔක්තෝබර් 08 වැනිදායින් අවසන් වුණා.

සිව්වෙනි වරටත් යාපනයේදී පවත්වනු ලබන මෙම සිනමා උළෙල ඉදිරිපත් කරනු ලබන්නේ සිලෝන් තියටර්ස් සමාගම සහ යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශය හා එක්ව Agenda 18 ආයතනයයි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් වෙනුවෙන් පිරිනැමෙන යාවජීව සම්මානය ප්‍රවීන සිනමා කැමරා ශිල්පී වී. වාමදේවන් මහතාට පිරිනැමුණා

හොඳම දේශිය කෙටි චිත්‍රපටය වෙනුවෙන් පිරිනැමෙන සිලෝන් තියටර්ස් සම්මානය හිමි වුණේ දුලංක දේවේන්ද්‍රගේ “ද චිල්ඩ්රන් ඔෆ් වයිට්” සිනමා පටයටයි.

හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය පූජා ගුරුන් හා බිබුසාන් බස්නේ ගේ දාද්යා – “ද වුඩ්පෙකර්ස් ඔෆ් රෝතා ” සිනමා පටය වෙනුවෙන් හිමි වුණා.

වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනූ කෙටි චිත්‍රපටය වූයේ මති සුතාගේ “වෙඩිමානියමුම් ඉදියාන් තුවක්කුම්” සිනමා නිර්මාණයයි.

තරුණ සිනමාකරුවන්ගේ ප්‍රථම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ නූර් ඉම්රාන් මිතූගේ කෝමළ රොකට් බංග්ලාදේශ සිනමා පටයයි.

වෘත්තාන්ත, වාර්තා හා කෙටි චිත්‍රපට 80 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් මෙවර සිනමා උලෙළ සඳහා රටවල් 30 ක් පමණ සහභාගි වුණා.

යාපනයේ කාගිල්ස් චතුරස්‍රයේ ,මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ පැවැත්වෙන මෙහි සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණා.

මෙම සිනමා උළෙලට අදාළ ප්‍රදර්ශනයන් මැජෙස්ටික් සිනෙ ප්ලෙක්ස්, යාපනය විශ්වවිද්‍යාලයේ කෛලාස ශ්‍රවණාගාරය, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය, බ්‍රිතාන්‍ය කවුන්සිලය, ඇමරිකන් කෝනර් ආදී ස්ථානවලදී පැවැත්වුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 16:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්