Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවට සහ පැපුවා නිව්ගිනියාවට භූ කම්පන

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 12:37

ඉන්දුනීසියාවට සහ පැපුවා නිව්ගිනියාවට භූ කම්පන

ඉන්දුනිසීයාවේ ජාවා සහ බාලි දුපත් ආසන්නයේ අද උදෑසන භූ කම්පනයක් සිදු ව තිබෙනවා. එහි ප්‍රභලත්වය රිච්ටර් පරිමාණ ඒකක 6ක් ලෙසයි සටහන් වුණේ.

භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. බාලි මුහුදට කිලෝමීටර 40ක් නැගෙනහිර දෙසින් මෙහි කේන්ද්‍රය සටහන්ව තිබෙනවා. ගොඩනැගිලි මෙන්ම දේපළ රැසක් ද විනාශ වී ඇති බව සඳහන්.

මේ අතර මෙම භූ කම්පනයෙන් පැය දෙකකට පසුව පැපුවා නිව්ගිනියාවේ ද රිච්ටර් පරිමාණ ඒකක 7ක ප්‍රභල භූ කම්පනයක් සිදු ව තිබෙනවා. කෙසේ වෙතත් භූ කම්පන හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ. පසුගිය දා ඉන්දුනිසීයාවේ සිදු වූ සුනාමි ව්‍යාසනයෙන් පසුව යථා තත්වයට පත්වෙමින් පවතින අවස්ථාවේදී මෙලෙස තවත් භූ කම්පනයක් සිදුව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 12:37
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්