fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීෂෙල්ස් අත්අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරයින්ට ජනපති මැදිහත්වීමෙන් නිදහස

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 10:08

සීෂෙල්ස් අත්අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරයින්ට ජනපති මැදිහත්වීමෙන් නිදහස

සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් සියලු දෙනා නිදහස් කර ගැනීමට එරට ජනාධිපතිවරයා හා තමා අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස හැකියාව ලැබුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවා.ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින්.

මිරිදිය වරුණ 2018 සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සමස්ත මිරිදිය ජීවී හා ජලජීවී වගා ප්‍රජාව ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධාන කරනවා. ඒ අනුව මෙහි විවිධ අංශ යටතේ දක්‍ෂතා හා කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්වූ ධීවරයින් හා ජලජීවී වගාකරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා. ධීවර ප්‍රජාව වෙත ධීවර යාත්‍රා හා දැල් ආම්පන්න ප්‍රදානය කිරීමට අදාළ හිමිකම් පත්‍ර ලබා දීම සිදුකෙරුණේ ද ජනාධිපතිතුමා අතින්. එහිදී ධීවර ප්‍රජාව ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිරිනැමුවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්