fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව ගල්ගමුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 09:42

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව ගල්ගමුවට

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව ගල්ගමුව කණ්ඩායම හිමි කර ගත්තා. එහි කාන්තා ශූරතාව හිමිවූයේ බිංගිරිය කණ්ඩායමටයි.

2006 වසරේ ආරම්භ කළ මෙම තරගාවලිය අඛණ්ඩව 13 වන වරටයි මෙවර පැවැත්වුණේ. ඊට වයඹ පළාත් සභාවට අයත් දිස්ත්‍රික්වල පිරිමි කණ්ඩායම් 34 ක් හා කාන්තා කණ්ඩායම් 17 ක් එක්ව සිටියා. තරගාවලියේ පිරිමි අංශයේ අවසන් මහා තරගයේදී පුත්තලම කණ්ඩායම පරාජයට පත් කිරීමට ගල්ගමුව කණ්ඩායම සමත් වුණා. කාන්තා අංශයේ අවසන් මහා තරගයේදී හලාවත කණ්ඩායම පරාජයට පත් කිරීමට බිංගිරිය කණ්ඩායම සමත් වුණේ වට දෙකට බිංදුවක් ලෙසයි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගල්ගමුව කණ්ඩායම නියෝජනය කළ හෂාන් සම්මාන දිනා ගත්තා. එහි කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය දිනා ගත්තේ පවිත්‍රා සංජීවනීයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 09:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්