පේරු රාජ්‍යයේ විපක්ෂ නායක කෙයිකෝ ෆුජිමූරි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බටෝ ෆුජිමූරිගේ දියණිය වන ඇයට 2011 වසරේ ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාර කටයුතු සදහා රජයේ මුදල් අයථා ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහායි විපක්ෂනායකවරිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඇය සමග සැකකරුවන් 19 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රසීල සමාගමක් නීතිවිරෝධී දායකත්වයක් ලබා ගැනීම සදහා ඇය සම්බන්ධ වී ඇති බවටද ඇයට චෝදනා එල්ල වනවා. ඇය අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විපක්ෂයේ විශාල පිරිසක් එයට විරෝධය දක්වමින් සිටින බවයි එරට වාර්තා සදහන් කරන්නේ.