වසර දහයකදී උෂ්ණත්වය සෙල්සියස් අංශක එකයි දශම පහකින් වෙනස්වීමේ භයානක අවදානමට ලෝකය මුහුණ දී තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කාලගුණ වෙනස්වීම් පිළිබද ලෝක සම්මුතියට අත්සන් කිරීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් යටතේ එරට ආර්ථික විශේෂඥයන් දෙදෙනකුට මෙවර නොබෙල් ත්‍යාගය හිමි වීම සුවිශේෂී කරුණක්. විලියම් නෝර්ඩ්හවුස් සහ පොල් රෝමර් යන ඇමෙරිකා ජාතික ආර්ථික විශේෂඥයින් දෙදෙනා මෙලෙස නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබුවා.
වසර දහයකදී ලෝක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකයි දශම පහකින් වෙනස්වන බවට අනාවැකි පළවී තිබියදී මෙසේ කාලගුණ විපර්යාස සිදුකරන විශේෂඥයින් දෙදෙනෙකුට මෙම නොබෙල් ත්‍යාගය ලැබීම විශේෂත්වයක් වනවා. නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් රෝමර් පැවසුවේ වර්තමානයේ ජනතාව පීඩාවට පත්කරන ප්‍රධානතම ගැටලුව පාරිසරිය ප්රශ්නය බවයි. පාරිසරික විපර්යාසය නිසා සිදුවන දේශගුණික විපර්යාස ලෝක ආර්ථිකයේ බරපතල කඩාවැටීමකට හේතුවක් බවද ඔහු පෙන්වා දෙනවා.
ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සහ දේශගුණික විපර්යාස මෙන්ම ආර්ථික සංවර්ධන මොඩලයන් පිළිබද පරීක්ෂණ පවත්වන මහාචාර්ය විලියම් නෝර්ඩ්හවුස් ගෝලීය උෂ්ණත්වය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පොත් රැසක් රචනාකර තිබෙනවා. ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් මතවාද රැසක් පළකර ඇති අතර ඒ අතරින් පාරිසරික සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් මතවාද රැසක් ඔහු ඉදිරිපත් කර තිබෙනවා.කෙසේ වෙතත් පාරිසරික දූෂණය වැඩි වශයෙන් පවතින රටවල් වන චීනය,ඇමෙරිකාව සහ ඉන්දියාව ඇතුළු ඉහළ පෙළේ රටවල් මෙම පරිසර දූෂණය තුරන් කිරීමට සක්‍රීය දායකත්වයක් දක්වන්නේ නැහැ.