බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ටිට්ලි සුළි කුණාටුව මේ වන විට උතුරු අක්ෂාංශ 15 යි දශම පහේ සිට නැගෙනහිර දේශාංෂ 86 ට ආසන්න ස්ථානයක පවතිනවා. එය වයඹ දෙසට ගමන් කරමින් ආන්ද්‍රා ප්‍රදේශයේ මුහුදු සීමාවෙන් ඉන්දියාවට ඇතුලු වනවා. දිවයිනේ බස්නාහිර හා දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි සමග තද සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
සුළගේ වේගය පැයට කිලෝමීටර අනූවේ සිට සියය දක්වා වැඩි වීමේ ඉඩකඩක් පවතිනවා. ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වය මේ වන විට අඩුවී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. අගලිය, උනන්විටිය, යටලමත්ත, කුරුපනාව යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවමත් පවතිනවා. ඒ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර හේතුවෙන් ආපදාවට පත්වූවන්ට සහන සැලසීමට රජයෙන් ප්‍රතිපාදන ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසනවා.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ,
[ot-video type=”youtube” url=”https://youtu.be/KIlJ04cx_bk”]
ගාල්ල බෙන්තර ගග අවිත්තාව පාලම අසල දැව කදන් සිරවීමෙන් ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා. යුද හා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් පාලමේ සිරවී තිබූ දැව කදන් ඇතුලු අපද්‍රව්‍ය ඉවත් කර තිබෙනවා. මේ සඳහා දින තුනක කාලයක් ගතවී තිබෙන බවයි වාර්තා වන්නේ.
බලංගොඩ පෙට්ටිගල යක්දෙහිකන්ද නායයාම හේතුවෙන් අවතැන් වූවන්ට එක් පවුලකට රුපියල් ලක්ෂ 16 ක් ලබා දීමට කටයුතු කරන බව බලංගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පවසනවා. යක්දෙහිකන්ද නායයාමේ අවදානම් සහිත ප්‍රදේශයක් ලෙසයි රත්නපුර ගොඩනැගිලි පර්යේෂණායතනය දැනුම් දී ඇත්තේ. පවුල් 19 කට අයත් පුද්ගලයින් 64 දෙනෙකු වතු නිවාසයක තාවකාලිකව රඳවා තිබෙනවා. ඇතැම් පවුල් ඥාතීන්ගේ නිවෙස්වල රැඳී සිටින බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා. ***රෝහණ වසන්ත ඉන්ටර්නෙට්***
පසුගියදා ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 21 කට ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. එම ප්‍රදේශවල පවුල් 798 ක පුද්ගලයින් තුන්දහස් දෙසීය දහඅට දෙනෙකු අවතැන් කඳවුරුවල රඳවා තිබෙනවා. ඔවුන් සඳහා පිසූ ආහාර ලබා දෙන බව වත්තල ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා.
පී ජී ටී සී රාජිකා-වත්තල ප්‍රාදේශීය ලේකම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/yVYTYPGI7GE”]
ආපදාවෙන් විපතට පත්වූවන් සඳහා ලබා දෙන රුපියල් දසදහසක අත්තිකාරම් මුදල එම අවස්ථාවේදීම ලබා දෙන්නැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා උපදෙස් දී තිබෙනවා.
ප්‍රදීප් කොඩිප්පිලි- නියෝජ්‍ය අධ්යක්ෂ-ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,
[ot-video type=”youtube” url=”https://youtu.be/Z1Mj2nifZL8″]