fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නේවි සම්පත්ට සැඟවීමට ආධාර දුන් සිද්ධිය ගැන රහස් පොලීසිය අධිකරණයට දන්වයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 16:52

නේවි සම්පත්ට සැඟවීමට ආධාර දුන් සිද්ධිය ගැන රහස් පොලීසිය අධිකරණයට දන්වයි

චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවිසම්පත් යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. සැකකරුට මැලේසියාව බලා පිටත්ව යාමට ගුවන් ටිකට්පත් මිලදී ගෙන ඇත්තේ එම පුද්ගලයා බව රහස් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියා.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවක් සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමසීම ලබන 29 වනදා සිදුකිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ අයථා ලෙස උපයාගත් මුදල්වලින් කොළඹ 7 කිංසි පාරේ පිහිටි නිවසක් රුපියල් මිලියන 27 කට මිලදී ගෙන ඇති බවට වන අධි චෝදනා සම්බන්ධයෙනුයි. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ඩග්ලස් කහවගේ නමැත්තාගෙන් සාක්ෂි සටහන්කර ගැණුනා. ඔහුගේ වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ලබන 29 වනදාට කල්තැබුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්