fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෙන්යාවේ බස් රථ අනතුරකින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 14:44

කෙන්යාවේ බස් රථ අනතුරකින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

කෙන්යාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙන්යාවේ නයිරෝබි අගනුවර සිට කිසුමු දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරට ලක්වී තිබෙනවා. පොලීසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව ඉහළ යාහැකි බවයි. මගීන් විශාල පිරිසක් බස් රථය තුළ සිරවී සිටින බවද සදහන්. පොලීසිය සදහන් කරන්නේ බස් රථයේ අධික වේගය අනතුරට හේතුව බවයි. මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගියව දෙසැම්බර් මාසයේදී ද බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කෙන්යාවේ මෙවැනි අනතුරු බහුලව වාර්තා වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව කෙන්යාව මාර්ග ආරක්ෂාව අඩුම රටවලින් එකක් ලෙසයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්