fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – එංගලන්ත දිවා රාත්‍රී තරගයට වර්ෂාවෙන් බාධාවක් නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 11:54

ශ්‍රී ලංකා – එංගලන්ත දිවා රාත්‍රී තරගයට වර්ෂාවෙන් බාධාවක් නැහැ

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස දඹුල්ල ක්‍රීඩා පිටියේදී අද ආරම්භ කිරීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගයට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය කිසිදු බලපෑමක් සිදුකර නැහැ. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙක් යුත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පසුගිය දිනවල පුහුණුසැසි කිහිපයකට එක්වුණා.

එහිදී වැඩි අවධානයක් පන්දු රැකීමේ අංශයට යොමුකර තිබෙනවා. එංගලන්ත කණ්ඩායම ද පසුගිය දිනවල පුහුණුසැසි කිහිපයකටම මෙම ක්‍රීඩා පිටියේදී එක්වුණා. කණ්ඩායම් දෙකේම පුහුණුවීම් සදහා කිසිදු බාධාවක් වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදුවූයේ නැහැ. තරග ආරම්භයට බලපෑම් කළ හැකි වැසි සහිත තත්වයක් ක්‍රීඩා පිටියට මෙතෙක් නැති බවයි එහි සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. ක්‍රීඩා පිටියේ සියළු දොරටු ප්‍රේක්ෂකයින්ට පිවිසීම සදහා මේ වන විට විවෘත කර තිබෙනවා. මෙම දිවා රාත්‍රී තරගය අද සවස දෙකට ආරම්භවීමට නියමිතයි. එහි පන්දුවෙන් පන්දුව සජීවීව ඔබ වෙත ගෙන ඒමට ITN FM සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 11:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්