fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටට ප්‍රතිලාභ රැගෙන නෝර්වේ , ලන්ඩන් සංචාර නිමවා අගමැති දිවයිනට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 11:59

රටට ප්‍රතිලාභ රැගෙන නෝර්වේ , ලන්ඩන් සංචාර නිමවා අගමැති දිවයිනට

විදේශ ආයෝජන ඇතුළු ප්‍රතිලාභ රැසක් රටට හිමිකර දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සහ එංගලන්ත සංචාර නිමාවට පත්වුණා. අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.

නිල සංචාරය අරඹමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍ය වෙත පිටත්ව ගියේ පසුගිය  තුන්වනදායි. නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනේ විල්හෙල්ම්සන් ටෘෘන්, විදේශ ඇමතිනි ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. නෝර්වේ රාජ්‍යයේ සහයෝගීතාව මත රොබෝ තාක්ෂණික ගබඩාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කෙරෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නොර්වේ රාජ්‍ය සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙනුයි. ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ගබඩා කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාරවල නියැලී සිටින ව්‍යාපාරිකයින් හමුවීමට ද අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී කටයුතු කළා.

සාමය හා සංහිදියාව අති කිරීමේ අසීරු කාර්යභාරය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ අමාත්‍යවරිය ප්‍රකාශ කළා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ දීයි.

නෝර්වේ සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවරද නිල සංචාරයක නිරත වුණා. පසුගිය 8 වනදා ලන්ඩන් කොටස් වෙළෙදපොල ආරම්භ කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයායි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 11:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්