එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපති නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. වසර දෙකක පමණ කාලයක් ඇමෙරිකා තානාපති ලෙස කටයුතු කළ ඇය ඉවත්වීමට හේතුව මෙතෙක් දන්වා නැහැ. නිකී හේලි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමග ඊයේ දිනයේ සාකච්ඡාවක ද නිරත වුණා. ඉදිරි සති කිහිපයේ දී එම තනතුර සදහා වෙනත් අයෙකු පත්කිරීමට කටයුතු කරන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා ප්රකාශ කරන්නේ.