fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සහ සීෂෙල්ස් උප ජනපති හමු වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 09:12

ජනපති සහ සීෂෙල්ස් උප ජනපති හමු වෙයි

සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස් උප ජනාධිපති Vincent Meriton මහතා අතර හමුව ඊයේ (09) පස්වරුවේ සිදු විය.

සීෂෙල්ස් හි Praslin දූපතේ දී මෙම හමුව සිදු වූ අතර උප ජනාධිපතිවරයා විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල්ස් සංචාරය ශ‍්‍රී ලංකා – සීෂෙල්ස් සබඳතාවලට තිස් වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවීම පිළිබඳ සිය සතුට පළ කළ උප ජනාධිපතිවරයා මෙම සංචාරයට සමගාමීව දෙරට අතර ඇතිකරගත් නව එකඟතාවයන් දෙරටටම ප‍්‍රතිලාභ සැළසෙන අයුරින් ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කැපවන බව ද සඳහන් කළේය.

හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්