fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Jacqueline Ferdinandezගේ ප්‍රථම ශ්‍රී ලාංකීය සිනමාපටය ‘According to Matthew’ ලඟදීම

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 08:30

Jacqueline Ferdinandezගේ ප්‍රථම ශ්‍රී ලාංකීය සිනමාපටය ‘According to Matthew’ ලඟදීම

1979 වසරේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කර ගෙන,සම්මානනීය සිනමා අධ්‍යක්ෂ Chandran Rutnam විසින් අධ්‍යක්ෂණය කළ ‘According to Matthew’ සිනමා සිත්තම නිකුත් වීමට නියමිතව තුබුණේ 2017 වසරේ දීයි. එනමුත් විවිධාකර හේතු සාධක නිසාවෙන් එහි තිරගත කිරීම පමා වී තිබුණා.මේ දිනවල ලැබෙන තොරතුරුවලට අනුව මේ වසරේ නොවැම්බරයේ  ‘According to Matthew’ සිනමා සිත්තම තිරගත වීම අරඹීමට නියමිතයි.

මැතිව් පීරිස් නම් ඇන්ග්ලිකන් නිකායික පාදිලිවරයා අතින් සිදු වූ අපරාධයක් වටා ගොඩනැඟුනු කතා පුවතක් ‘ According to Matthew’ ඔස්සේ  සිනමාවට නගා තිබෙනවා.එහිදී ඔහු ඔහුගේ බිරිය සහ ඔහුගේ පෙම්වතියගේ ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සමබන්ධව එල්ලා මැරීමට නියම වෙයි.

මෙම සිනමා සිත්තම ඉංග්‍රීසි බසින් නිපැයූ එකක්.මිස් ශ්‍රී ලංකා යුනිවර්ස් ලෙසින් අභිෂේක ලැබූ ඉන්දීය සිනමාවේ සුපුරි නිළි Jacqueline Ferdinandez මෙහි පාදිලිවරයා ගේ පෙම්වතියගේ චරිතය නිරූපණය කරයි.එමෙන්ම ශ්‍රී ලංකාවේ උපන් ඔස්ට්‍රේලියානු ගායක,ගී පද රචක හා රංගන ශිල්පී Alston Koch විසින් පාදිලිවරයා ගේ චරිතය රඟ දක්වයි.

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස්  මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන්නේ මෙම සිනමා පටය හරහායි.

‘ According to Matthew’ සිනමාපටයේ නම පිළිබඳව පැවති බොහෝ කතාබහ හේතුවෙන් එහි නම  නුරාගිනි ලෙස වෙනස් වීමට ඉඩ ඇති බවටද තොරතුරු වාර්තාවෙනවා.

බිම්සරා ප්‍රේමරත්න, රයන් විජයරත්න, ගාමින් ලුඩොක්ස්, කියාන් ඕ ශ්රේඩි ආදි නළු නිළියන් රැසක් රඟන’ According to Matthew’ සිනමාශාලා රැසක  තිරගත කිරීමට නියමිතයි.

කලකට ඉහත රට කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීමක් අළලා තැණුන මෙම සිනමාපටයේ තිර රචනය, ක්රිස්ටි එලියසර් හා චන්ද්‍රන් රත්නම් විසිනි. චන්දන ජයසිංහ කැමරාකරණයෙන්ද ජේම්ස් රත්නම් සංස්කරණයෙන්ද ‘According to Matthew’ චිත්‍රපටයට දායක වූ සෙසු පුද්ගලයන් වෙයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 08:30

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්