Life+News The Official News Portal of Independent Television Network Ltd

තම හෙළුව වහගන්න භාරකාර ආණ්ඩු ගැන විලාප නඟන රාජපක්ෂවරු

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 18:55

තම හෙළුව වහගන්න භාරකාර ආණ්ඩු ගැන විලාප නඟන රාජපක්ෂවරු

තමන්ගේ පරාජයට හේතුව සොයා ගැනීමට නොහැකි වු විට  විලාප නැඟීම හෝ වියරු වැටීම සාමන්‍ය දෙයකි.  එය නිරන්තරයෙන් සිදුවන විට විගඩමක් වීමත් සාමාන්‍ය දෙයකි.  මෑත කාලයේ මේ රටේ දරුණුම පරාජයකට උරුමකම් කීවේ රාජපක්ෂලාය. පරාජයට හේතු සොයා ගැනීමට ඔවුන් තවමත් අසමත්ය.  මේ ඓතිහාසික පරාජය උරුමකර ගත් රාජපක්ෂලා  පෙන්නුම් කළේ ද ඒ විලාප නැඟීම හා වියරුවෙන් දැඟලීමේ විලාසයන්ය. දැන් රාජපක්ෂලාගේ දේශපාලනය  විගඩමක් වී තිබීම  රාජපක්ෂවාදී බත්බැලයන්ට ද ඉවසා ගත නොහැකිව තිබේ.

හිටි හැටියේ ආණ්ඩුව පෙරළාගැනීමේ හදිස්සියක්  මේ දිනවල මේ රාජපක්ෂවාදීන්ට ඇතිව තිබෙන්නේ ඒ නිසාය.  එජාපයත් ශ්‍රීලනීපයත් සම්මුතිගතව පිහි‍ටුවා තිබෙන වත්මන් යහපාලනය පෙරළාගැනීම වෙනුවෙන්  තැන් තැන්වල කුමන්ත්‍රනකාරී කතා සිදුවෙමින් තිබේ. මාධ්‍ය ඔස්සේ බොරු පුවත් පැල කරමින් අද හෙට ආණ්ඩුව පෙරළන බව කියමින් තිබේ. භාරකාර ආණ්ඩු ගැන ද කතන්දර කියති.

පුදුමයට කාරණය නම් බල ලෝභය තිබුණාට ආණ්ඩුව පෙරළන්න තරම් සාධාරණ  හේතුවක් මේ කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි වීමය.   රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වී තිබෙන දුෂන වංචා අපරාධ චෝදනා සම්බන්ධ නඩු හබ දැන් වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබේ.  රාජපක්ෂලාට තිබෙන ලොකුම ගැටලුව එයයි. ඒත් පහුගිය කාලයේ ආණ්ඩු පෙරළන්න කියමින් ගහන ගහන තුරුම්පුව වරදී ගියේ ලෝක විහිලු නිර්මාණය කරමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ‍තෝරාගැනීමට නොහැකිව රාජපක්ෂ පවුලේ සහොදරයන් අතරම  කුළල්  කාගැනීම් සිදුවෙද්දි තමන්ගේ පාක්ෂිකයාට මුහුණ දී ගත නොහැකිව  සිටින මේ අය දැන් ආණ්ඩු පෙරළි කතා කියන්නේ තමන්ගේ හෙළුව වසාගැනීමට වූවත් මේවා විගඩම්ය.  කරන්න බැරි වැඩ කියමින් කරන මේ නන්දෙඩවිලිවලට රාජපක්ෂ පාක්ෂික බත්බැලයන් රැවටිය හැකි වූවත් මේ රටේ සිහි බුද්ධියක් ඇති ජනතාව රැවටිය නොහැක.

රාජපක්ෂලාට තමන්ව ජනතාව ප්‍රතික්ෂේප කළේ ඇයි දැයි තවමත් වැටහීමක් නැත. කළ වැරදි හදාගෙන සමාව අරගෙන ජනතාව අතරට එන්න ඕනෑ යැයි කියා හිතෙන්නේ නැත. තවමත් පරන සුපුරුදු මජර කුමන්ත්‍රණකාරී පිළිවෙත හැර රාජපක්ෂලාට අලුත් සිතුවිලි පහල වන්නේ නැත.  එහෙව් මැටි මෝල්ලුන්ට ආණ්ඩු පෙරළන්නට නොහැකිය. රාජපක්ෂලාට අලුතෙන් භාරකාර ආණ්ඩු හදන්නට ද නොහැකිය. මොකද මේ යහපාලනය කියන්නේම  ජනතාවගේ භාරකාරිත්වයේ තිබෙන ආණ්ඩුවක් නිසාය.

 

දැනට මේ ඇති සෙස්ස පස්සට

 

-තත්පර 180-

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 18:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්