Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය ආරක්ෂක නිළධාරීන් සිවිල් ඇඳුමින් රාජකාරියට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 17:51

දුම්රිය ආරක්ෂක නිළධාරීන් සිවිල් ඇඳුමින් රාජකාරියට

දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය සඳහා සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා දුම්රිය ආරක්ෂක නිළධාරීන් සිවිල් ඇඳුමින් සැරසී රාජකාරී කටයුතුවල නිරතවන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා දුම්රිය ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටි බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

අද (09) පෙරවරුවේ රත්මලාන සිට වේයන්ගොඩ දක්වා ධාවනය වු දුම්රියේ විදුලි රැහැන් පද්ධතිය කපමින් සිටි සොරුන් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් රාජකාරී කටයුතු වල නිරත වු, දුම්රිය ආරක්ෂක නිළධාරීන්ට අල්ලාගැනීමට හැකිවී තිබෙන්නේ, සිවිල් ඇඳුමින් රාජකාරී කටයුතු වල නිරත වු බැවින්ය.මෙය ආදර්ශයට ගෙන ඉදිරියේදී මෙවැනි ක්‍රියා වැටලීමට ක්‍රමවේදයක් සකසා ගන්නා ලෙසත්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දුම්රිය ආරක්ෂක නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේ, වසර 30 කට ආසන්න කාලයක් ගතවී විවිධ හේතුන් මත කිසිදු උසස්වීමක් නොලද දුම්රිය ආරක්ෂක නිළධාරීන් 284 දෙනෙකු සැරයන් තනතුරට පත්කිරීම නිමිත්තෙන්, අද (09) මරදාන දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදීය.1946 වසරේ එවකට ප්‍රවාහන හා වැඩ අමාත්‍යවරයා ලෙස කටයුතු කල සර් ජෝන් කොතලාවල මහතා විසින් 125 ක නිළධාරීන් පිරිසකගෙන් සමන්විත ආරක්ෂක බලකායක් බඳවාගන්නා ලදි. මෙහි ප්‍රධානම අරමුණ වූයේ දුම්රියෙන් ප්‍රවාහනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ ආරක්ෂා කිරීමයි.

‍මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් තම සේවා තෘප්තිය ලබාගත්තේ වැඩ වර්ජන කිරීමෙන් තම වැටුප් වැඩිකරගැනීම නිසයි.අනිත් අංශයේ සේවා වලින් ඔවුන්ට තෘප්තියක් ලැබුනෙත් නැහැ. දෙපාර්තමේන්තුවට තෘප්තියක් ලැබුනෙත් නැහැ. එයට හේතුවුයේ මෙම බඳවාගැනීම් හා උසස්වීම් ක්‍රමවේදයේ තිබුණු විසඳාගත නොහැකි වු ගැටළුකාරී ස්වාභාවය නිසයි. එම තත්ත්වය පසුගිය කාල පරිච්ඡේදය තුළ විසඳාගනිමින්, කාලයක් පුරා නොවිසදී තිබුණු උසස්වීම් ඔබට අද ලබාදීමට හැකිවුවා. නමුත් තවමත් එය අවසන් වී නැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එදා සර් ජෝන් කොතලාවල මහතා ආරම්භ කල දුම්රිය ආරක්ෂක අංශයට වඩා අද පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය වෙනවා. අද අපේ සමාජ රටාව වෙනස්. එදා දුම්රිය ආරක්ෂක සේවාව ඇති කලේ, දුම්රියෙන් ප්‍රවාහනය කරන ආහාර ද්‍රව්‍ය පැහැර ගන්නන්ගෙන් ආරක්ෂාකර ගන්න. ඒත් අද දුම්රිය දේපලත්, දුම්රිය මගීනුත් සොරුන්ගෙන් ආරක්ෂා කරගන්න වෙලා තියෙනවා. ඒ වගේම අලුතින් එක්වන දුම්රිය මැදිරිවල, දුම්රිය එන්ජින් වල හ දුම්රිය මැදිරි උපාංග ආරක්ෂා කරගත යුතුයි. අපට එක එක ආරක්ෂක නිළධාරීයා ඒ ස්ථාන වලට යොදවන්න බැහැ. ඒ නිසා තමයි සිවිල් ඇදුමින් සැරසුන ආරක්ෂක නිළධාරීන් දුම්රිය ස්ථාන වලට, දුම්රිය මැදිරිවලට හා දුම්රිය වැඩපල වලට යෙදවිය යුත්තේ.

එම නිසා අපේ පවතින අවශ්‍යතාවයන්ට අනුව දුම්රිය ආරක්ෂක සේවාවද වෙනස් විය යුතුයි. ඉදිරියේදී මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන වලටත්, ආරක්ෂක අංශයේ නිළධාරීන් යෙදවිය යුතුයි. අපි තවත් ආරක්ෂක නිළධාරීන් 150 ක් බඳවා ගැනීමට කටයුතු කරනවා. එහෙත් පවතින පරිපාලන කටයුතු අවසන් වන විට තවත් කාලයක් ගතවේවි.මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ද සහභාගී විය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 17:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්