fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිස්ස අත්තනායක එරෙහි නඩුව ලබන ජනවාරියේ විභාගයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 16:58

තිස්ස අත්තනායක එරෙහි නඩුව ලබන ජනවාරියේ විභාගයට

එක්සත් ජාතික  පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය අද (09) කැදවනු ලැබුවා. මෙම නඩුව පවරා තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන්  කූඨ ලෙස යොදාගනිමින් ජාතිවාදය ඇවිලවීමේ ක්‍රියාවක නිරත වූ බවට චෝදනා කරමින්. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් වන ආකාරයට කටයුතු කර ඇති බවට ද  චෝදනා එල්ල වුණා. අධි චෝදනා තුනක් යටතේ නඩුව පවරා තිබෙනවා. නඩුවේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් වන අගමැතිවරයා සහ ජනාධිපතිවරයා  රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා විදෙස් ගත වී සිටින බැවින් ඔවුන්ට අද (09) අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව ඔවුන් වෙනුවන්  පෙනී සිටින නීතීඥයා අධිකරණයට දන්වා සිටියා.  නඩුව ලබන වසරේ ජනවාරි මස 22 , 23 යන දිනවල විභාගයට ගැනීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 16:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්